සියලු පාසල් හෙට විවෘතයි
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු දිවයිනේ සියලු පාසල් දින 113කට පසු හෙට (5) සිට විවෘත කිරීමට නියමිතය.
ඒ අනුව හෙට දිනයේදී පාසල්වලට පැමිණිය යුත්තේ 5,11 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් පමණයි.
හෙට දිනයේදී පැමිණෙන 13 වන ශ්‍රේණියේ සිසුන් උසස් පෙළ විභාගයට පෙනී සිටින බැවින් ඔවුන්ගේ අධ්‍යන කාලය පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා ක්‍රියාත්මකය.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින 11 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා අධ්‍යන කටයුතු පැවැත්වෙනු ඇත.
අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව නියමිත විෂය උගන්වන කාල පරිඡේදයට විනාඩි 30 කට පෙර අදාල ගුරුවරුන්ට පාසලට පැමිණීමට අවස්ථාව සලසා තිබේ.
ඊට සූදානමක් වශයෙන් පාසල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථ රැසක් විෂබීජහරණයට ලක් කිරීමේ පළමු වැඩසටහන පසුගිය දා ක්‍රියාත්මක කළ අතර අදත් දිවයිනේ ප්‍රදේශ රැසක පාසල් වීෂබීහරණයට ලක් කළේය.
කෙසේ වෙතත් සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය අම්බලන්ගොඩදී ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ හෙට දිනයේ පාසල් ආරම්භ කළත්, ඒ සඳහා හෙට ප්‍රවාහන සේවාව ලබාදීමට නොහැකි බවය.